චිනයේ භූ දේශපාලනික අාර්ථික වැඩපිළිවෙළට බටහිරින් අභියෝගයක්

චීන රාජ්‍ය විසින් ආසියානු රාජ්‍යයන්, අප්‍රිකාව අැතුළු රටවල් මෙන්ම ජාත්‍යන්තර වෙළද මාර්ග යා කරමින් බිහිකරන ගෝලීය ප්‍රවාහන සහ වෙළඳ සම්බන්ධතා වැඩසටහනක් වන ‘නව සේද මාර්ගය’ට විකල්ප සැලැස්මක් සූදානම් කිරීමට රටවල් 4ක මූලිකත්වයෙන් වැඩපිළිවෙළක් අාරම්භ කර අැත..

ඕස්ට්‍රේලියාව, ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව සහ ජපානය ඒ සඳහා සූදානම්වන බව ජාතයන්තර පුවත් සේවා පවසයි. මේ සතියේ ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වන ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ටර්න්බුල් විසින් මේ සම්බන්ධව ඒක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප් සමඟ සාකච්ඡා කරනු ඇති බවද වාර්තා ෙව්. චීනය විසින් සිය වැඩපිළිවෙළ යටතේ මධයම අාසියාව තුළ ප්‍රවාහන මාර්ග පද්ධතියක් සහ ඉන්දිය සාගරය ඔස්සේ ප්‍රවාහන පද්ධතියක් නිර්මාණය කිරීමට සූදානම් වේ. ෙම් වනවිට ඒක්සත් ජනපද හිතවත් ඉන්දියාව අැතුළු රාජ්‍යයන්ගේ අභියෝග ජයගැනීමට ඒක්සත් ජනපදයට අාධාර කිරීම ඔවුන්ගේ අරමුණ වී අැත

Chandana Sirimalwatte :