தமிழ்
English
Contact
Friday 26th January 2018    
ජාතික විගණන පනත ඇමති මණ්ඩලේදී 24 වැනි වතාවටත් පසුපසට දමයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජාතික විගණන පනත ඇමති මණ්ඩලේදී 24 වැනි වතාවටත් පසුපසට දමයි



පසුගිය සතියේ ඇමති මණ්ඩලයට ඉදිරිපත්  ප්‍රතික්ෂේප කෙරුණේ 24 වැනි වතාවට සකස් කෙරුණු ජාතික විගණන පනතේ කෙටුම්පත බව දැනගන්නට ඇත.

මෙම කෙටුම්පත මීට දෙසතියකට පමණ පෙරාතුව එ.ජා.ප. සහ ශ්‍රීල.නි.ප. නියෝජනය කරන ඇමතිවරු අනුමත කළ කෙටුම්පත මෙසේ කැබිනට් මණ්ඩලයේදී ප්‍රතික්ෂේපව ඇත්තේ පනතින් විගණකාධිපතිවරයාට වැඩ බලයක් ලබාදෙන්නට යෝජිත නිසා බව කියැවේ. 2015 ජනාධිපතිවරණයේදි ඉදිරිපත් කළ මැතිවරණ පොරොන්දුවක් වන පූර්ණ බලැති ජාතික විගණන පනත දින 100 වැඩසටහනේදී ඉටු කරන්නට හවුල් ආණ්ඩුව අසමත් විය. මෙම පනත ජාත්‍යන්තර ප්‍රමිතින්ට අනුව සකස් කරන බව ප්‍රකාශ කෙරුණද ජනාධිපතිවරනයෙන් වසර දෙක හමාරක් ඉකුත්ව ගියද තවමත් එය නීතිගත කරන්නට ආන්ඩුව අසමත්ව ඇත්තේ එවැනි විගණන පනතක් අවංකව ක්‍රියාත්මක කරන්නට ඇමති මන්ඩලය සූදානම් නොවන නිසා බව දේශපාලන නිරීක්ෂකයන්ගේ අදහසයි. මෙවර කෙටුම්පතේ වඩාත් විරෝධයට ලක්ව ඇති අංගය වන්නේ රජයේ ආයතනයක සිදුව ඇති යම් ගනුදෙනුවක් විගණනය කිරීමේදී වංචනික ලෙස හෝ නිසි ක්‍රමවේදයන් අනුගමනය නොකිරීමක් නිසා හෝ වෙනයම් ආකාරයකින් අක්‍රමවත්ව සිදුව ඇත්නම් එකී ගනුදෙනුවට වගකිවයුතු නිලධාරියාගෙන් නිශ්චිත වටිනාකම සහ අධිභාරයක් අයකරගන්නට විගණකාධිපති වෙත බලය පැවරෙන ප්‍රතිපාදනයන්ය. ඇමතිවරුන් විරෝධය දක්වමින් පවසා ඇතිතේ මෙවැනි ප්‍රතිපාදනයක් නිසා ඇතැම් අවස්ථාවල රජයේ නිලධාරින්ට රාජකාරිවලදී හදිසි ආපදා වැනි අවස්ථාවන් සදහා මැදිහත්ව කටයුතු කිරිමට බාධා පැමිණෙන බවය.