தமிழ்
English
Contact
Saturday 3rd February 2018    
බිලියන 153ක ගනුදෙනුව රාජිතගෙ මල්ලිට - 2015 කැඩු මීයෙන් අතලෙවකන්න සූදානම් ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

බිලියන 153ක ගනුදෙනුව රාජිතගෙ මල්ලිට – 2015 කැඩු මීයෙන් අතලෙවකන්න සූදානම් !



කොළඹ 5 පිහිටි ටොරින්ටන් මහ්ල නිවාස පරිශ්‍රයේ නව සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක් ඉදිකිරීම සදහා කොන්ත්‍රාත්තුව සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්නගේ බාල සොයුරු මහිල් සේනාරත්නට හිමි ඉදිකිරීම් සමාගමට දීමේ සූදානමක් ඇත.

නිවාස ඇමති සජිත් ප්‍රේමදාසගේ මූලිකත්වයෙන් ඉඩම් අමාත්‍යංශය ගෙන ආ යෝජනාව අනුමත කරනු වෙනුවට එම කොන්ත්‍රාත්තුව තම බාල සොහොයුරාට හිමි ඉදිකිරීම් සමාගමකට ලබා දෙන ලෙස රාජිත ඇමතිවරයා කැබිනට් මණ්ඩලයට යෝජනා කර ඇත. සුඛෝපභෝගි නිවාස 200ක් සහිත මහල් 42කින් සමන්විත කුලුණු 6ක් පර්චස් 870ක් පමණවන එම පරිශ්‍රයේ ඉදිකිරීමට ඉඩම් අමාත්‍යංශයේ යෝජනාව වී තිබේ. රාජ්‍ය ආයතනවල මැදිහත්වීමෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට  යෝජිත අතර එහිදී උප කොන්ත්‍රාත්තු පෞද්ගලික අංශයට පිරිනැමිමට යෝජිතය. එහෙත් සෞඛ්‍ය ඇමතිවරයා කිසිදු ලජ්ජාවක් බයක් නැතිව තම සොයුරාට හිමි ‘ස්කයි මවුන්ටන්‘ සමාගමට එකී ඉදිකිරීම් භාර දෙන ලෙස යෝජනාවක් ජනවාරි මස පළමු සතියේ පැවති වසරේ ප්‍රථම ඇමති මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර ඇත. කෙසේවෙතත් එම සමාගමේ වෙබ් අඩවියෙන් දැනටමත් දක්වා ඇත්තේ යුරෝ මිලියන 813.3 (රු. බිලියන 153.6)ක් වටිනා එම ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව ඉටු කරන්නේ තම සමාගම බවයි.

මෛත්‍රිපාල සිරිසේන මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවෙන් ඉවත්ව එක්සත් ජාතික පක්ෂයේ ආධාරයෙන් පොදු අපේක්ෂකයකු බවට කළ දිනයේ සිට වත්මන් ආණ්ඩුව බිහිකිරීම සහ අද දක්වා රාජිත සේනාරත්න ඉටු කළ භූමිකාවක් ඇත. වසර දසක කීපයක් පාවහන් සමාගමක කලමනාකරුවකු ලෙස සේවය කර ඇති මහිල් සේනාරත්න, තම සොයුරු රාජිත, රාජපක්ෂ ආණ්ඩුවේ ධීවර ඇමති ලෙස පත් වූ පසුව 2010 සිට ධීවර සංස්ථාවේ සභාපතිකමට පත් කරනු ලැබිණී. 2015 දක්වා ඔහු යටතේ පැවති ධීවර සංස්ථාවේ සිදුව ඇති විවිධ මුල්‍ය ගනුදෙනු සම්බන්ධ චෝදනා තිබියදී ඉදිකිරීම් සමාගමක් බිහිකරන්නට මහිල් සේනාරත්න සමත් විය.