Posted on 07.20.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ සිට මෙරටට ගෙන්වා ගැනීමට උදර්පණ නිතිය යටතේ ක්‍රියාකරන බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පළමු ස්ථිර විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පවසා ඇත.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පවසා ඇත්තේ මේ අතරම අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ජාත්‍යන්තර පොලීසිය වෙත රතු සහ නිල් නිවේදන නිකුත් කර ඇති බවයි.
නීතීපතිවරයා මෙම නඩුව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ගොනු කොට ඇත.
ඒ අනුව නඩුව සඳහා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය නිකුත් කොට තිබූ සිතාසි වලට අනුව මෙම නඩුවේ විත්තිකරුවන් දසදෙනාගෙන් හත්දෙනෙකු අධිකරණයේ පෙනී සිටියහ.
අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් මෙන්ම සිංගප්පූරු පුරවැසියකු වන මෙම නඩුවේ 10 වැනි විත්තිකාර අජහාන් ගාර්දිය පුංචිහේවා නමැත්තාට සිතාසි නිකුත් කිරීම සම්බන්ධයෙන් වු නියෝගයද මෙම මස 24 වනදා ප්‍රකාශයට පත් කරන බව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය වැඩිදුරටත් දැනුම් දී තිබේ.