Posted on 08.10.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
බැදුම්කර වංචාවේ වගඋත්තරකරුවකුවන මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කරමින් පළමු ස්ථිර විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ(09) වරෙන්තු නිකුත් කළේය.
භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදුවන අන්දමින් මහා පරීමාණ වංචාවක් සිදු කිරීම චෝදනාවට ලක්වූ ඔහු අධිකරණය මඟහැර විදේශගතව සැඟවී සිටී. මහා බැංකුවේ හිටපු අධිපති අත්අඩංගුවට ගැනීම සඳහා මුල් අවස්ථාවේදීම වරෙන්තු නිකුත් කරන්නැයි මෙම නඩුව මීට පෙර අවස්ථාවක කැඳවනු ලැබු අවස්ථාවේදී නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන කළ ඉල්ලීමක් පිළිගත් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඔහු අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තු නිකුත් කළ අතර එම වරෙන්තුව ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කිරීමටද නියම කළේය.
මෙම නඩුව සදහා අධිකරණයේ පෙනී සිටින ලෙස කළ නියෝගයකට අනුව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මෙම නඩුව කැදවනු ලැබු අවස්ථාවේදී මෙම නඩුවේ විත්තිකරුවන් දසදෙනාගෙන් හත්දෙනෙකු අධිකරණයේ පෙනී සිටියහ.