Posted on 01.29.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකුවේ අධිපති ලෙස කටයුතු කරමින් සිටියදී වංචනික ලෙස සිදුකළ සිදු කළ බැඳුම්කර ගනුදෙනුවට චෝදනා ලැබ සිටින ‘පර්පචුවෙල් ව්‍යාපාර සමූහය’ට අයත් සමාගම් 28ක බැංකු ගිණුම් තහනම් කිරීමට මහ බැංකු මූල්‍ය බුද්ධි ඒකකය පියවර ගෙන ඇත.
බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අර්ජුන් ඇලෝෂියස් අධ්‍යක්‍ෂධූරය හෙබවූ මෙම සමාගම්වල ගිණුම් පවත්වාගෙන යන සියලුම බැංකුවලට මහබැංකුවෙන් පසුගිය 24 වැනිදා මෙම නියෝගය නිකුත් කර ඇත. මෙම සමාගමට විරුද්ධ චොද්නා එල්ල වීෙමන් පසුව රුපියල් බිලියන 12.5ක වත්කම් මින් පෙරාතුව තහනම් කරණ ලදී. එකී තහනම ඉවත් කර ගැනීම සඳහා පර්පචුවෙල් සමාගම් සමූහය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනය ද ප්‍රතික්ෂේප කරණ ලදී..
එම ගිණුම්වල මුදල් ඉවත්කර ගැනීමට යන බවට ලැබුනු ඔත්තුවකට අනුව මෙසේ ගිණුම් අත්හිටුවීමත් සමඟ අදාළ සමාගම් 28ට තම ගිණුම් භාවිත කරමින් කිසිඳු මූල්‍ය හෝ ව්‍යාපාරික කටයුත්තක නිරතවීමට නොහැකි වේ.