Posted on 02.19.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
පළාත්පාලන මැතිවරණයෙන් පසුව අාණ්ඩුව මුහුණ දී අැති දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් අවශ්‍ය බවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන අද (19) කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.
ඒහෙත් එවැනි විවාදයක් කීරිම ගැන සභාවේ යෝජනාවක් නැතැයි සභා නායකවරයා තර්ක කළේය. මන්ත්රීාවරු 20 කගේ ඉල්ලීමක් තමන් විසින් ඉදිරිපත් කරන බව පවසමින් දිනේශ් ගුණවර්ධන මන්ත්‍රීවරයා අවධාරණයෙන් ඒය ඉල්ලා සිටි අවස්ථාවේ උණුසුම් තත්වයක් අැති වීමෙන් සභාව මිනිත්තු 10ක් කල්තබන ලදී.
කෙසේවෙතත් පවතින දේශපාලන වාතාවරණය ගැන විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේදී තීරණය වූ අතර අද සවස 4.00 සිට 7.00 දක්වා එම විවාදය පැවැත්වෙන්නට නියමිතය.