Posted on 02.15.2018 by Chandana Sirimalwatte in ප්‍රධාන පුවත with 0 Comments
පළාත්පාලන මැතිවරණයෙන් පසු අැතිව තිබෙන දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් හා ඒහිදී ගතයුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානීන් අතර සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අද දහවල් ජනාධිපති නිල නිවසේදී කැදවා තිබිණි.
ඒම සාකච්ඡාවෙන් පසුව පස්වරු 3.00 ට නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් සහ පළාත්පාලන මැතිවරණයෙන් ජයගත් නිදහස් පක්ෂයේ නියෝජිතයින්ගේ හමුවක්ද කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්වේ. ජනාධිපතිවරයා විසින් කැඳවා අැති මෙම සාකච්ඡාවල අරමුණ වන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආණ්ඩුවක් බිහිකරගැනීම සඳහා ඒකගතාවන් අැතිකරගැනීම බව දැනගන්නට අැත. ඒසේ යෝජිත ඒ.ජ.නි.ස. ආණ්ඩුවේ අගමැති ධුරයට නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අැමතිවරු කිහිපදෙනකුගේ නම් යෝජනා කරනු ලැබ තිබේ. මෙම ඒ.ජ.නි.ස. අාණ්ඩුව සදහා ඒකාබද්ධ විපක්ෂයේ සියලූ මන්ත්‍රීවරුන්ගේ සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගේද සහාය ලබාගැනීමටද මෙහෙයුමක් දියත් කර අැති බව දැනගන්නට තිබේ.
ෙමවැනි යෝජනාවක් මගින් ඒක්සත් ජාතික පක්ෂයේ අභියෝග මග හැර පාලනයක් පිහිටුවන්නටද මහින්ද රාජපක්ෂ සමග සිටින පිරිසක් සම්බන්ධ කරගෙන අාණ්ඩුව ඉදිරියට ගෙන යාමටද ජනාධිපකිවරයා අපේක්ෂා කරයි. ඒහෙත් මහින්ද රාජපක්ෂ අැතුලු පිරිස මෙම යෝජනාවට කිසිදු ඒකගතාවක් දක්වන්නේ නැති බව දේශපාලන අංශවල කතාබහට ලක්ව තිබේ. මහින්ද රාජපක්ෂ අැතුළු ෙපාදුජන පෙරමුණ නියෝජනය කරන පිරිස පවතින දේශපාලන අර්බුදය උපයෝගි කරගෙන මහමැතිවරණයක් හරහා සමස්ත අාණ්ඩු බලය පවරා ගැනීමේ උනන්දුවක සිටින බව පෙනෙන්නට තිබේ.