தமிழ்
English
Contact
Monday 19th February 2018    
රනිල් ඉවත්කර නව අගමැතිවරයකු පත්කරනවා - සුසිල්, මහින්දට දන්වයි ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රනිල් ඉවත්කර නව අගමැතිවරයකු පත්කරනවා – සුසිල්, මහින්දට දන්වයි !



අගමැති රනිල් වික්‍රමසිංහ ඉවත්කර ඒක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැතිවරයෙක් පත්කර ඒම පක්ෂයේ අාණ්ඩුවක් බිහිකරන්නට ජනාධිපතිවරයා කැමැත්තෙන් සිටින බව අැමති සුසිල් ප්‍රේමජයන්ත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත දැනුම් දී අැත.

අද(16) දින සුසිල් ප්‍රේමජයන්ත අැමතිවරයා ෙම් අාකාරයට හිටපු ජනාධිපතිවරයා හමුවී අැත්තේ ජනාධිපතිවරයාගේ උපදෙස් මත බව වාර්තා ෙව්. පසුගිය දිනවල ඉන්දිය හා ඒක්සත් ජනපද තානාපති කාර්යාල විසින් මැදිහත්වී ජනාධපතිවරයා සහ අගමැතිවරයා හමු වී සාකච්ඡා කළ බවද ඔවුන් විසින් ස්ථාවර පාලනයක් පිහිටුවීමට කටයුතු කරන ලෙස උපදෙස් දුන් බවද වාර්තා විය. ඒ් අනුව මහින්ද රාජපක්ෂ මූලික කරගත් පාලනයක් සදහා බලෙව්ග පෙළගැස්වීමේ ක්‍රියාදාමයක් අාරම්භ වී අැති බවද මේ වනවිට ජනාධිපතිවරයා ඒ් සම්බන්ධ නම්‍යශීලි පිළිවෙතක සිටින බවද දක්නට ලැබේ. වත්මන් හවුල් අාණ්ඩුව බිහිකිරීමේදීද ඒක්සත් ජනපදය අැතුළු බටහිර බලවතුන්ගේ තානාපති කාර්යාල කිහිපයක් මෙන්ම ඉන්දිය තානාපති කාර්යාලය සම්බන්ධ වී වැඩ කොටසක් වූ බව ඒ් දිනවල අවධානයට ලක් විය. ඒ් සම්බන්ධ පුවත් පළ වුණද තානාපති කාර්යාල ඒ් සම්බනද කිසිදු නිවැරදි කිරීමක් කළේද නැත. ඒ් අනුව 2015 තමන්ද මැදිහත්වී ගෙන අා පාලනය වෙනස් කිරීමට නැවතත් විදේශ තානාපති කාර්යාල හා ඒක්ව ගෙන යන මෙහෙයුමක් ක්‍රියාත්මකව තිබේ.