Posted on 02.12.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
පළාත්පාලන මැතිවරණයේදී ජනතාව විසින් අාණ්ඩුවට ඒරෙහි මතයක් ප්‍රකාශ කරන නිසා ජනාධිපතිවරණයකට පෙර අාණ්ඩුව විසින් මහමැතිවරණයක් කැදවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
පළාත්පාලන මැතිවරණය තුළ අාණ්ඩු විරෝධයක් කුලු ගැන්වී අැති පසුබිමක මෙවැනි ඉල්ලීමකින් පෙනී යන්නේ මහමැතිවරණයකට පාර කපාගන්නට රාජපක්ෂ කල්ලිය උත්සාහ කරන බවය. මහින්ද රාජපක්ෂ විසින්ද පාර්ලිමේන්තුව විසුරුවන ලෙස ප්‍රකාශයක් කර තිබේ. ලිබරල් ප්රජාතන්ත්රවාදී මූලධර්ම අනුවද ප්රජාතන්ත්රවාදී රටක මැතිවරණ පැවැත්විය යුතු ඒ් ඒ් මැතිවරණ ඒළඹෙන සහ අදාළ නියෝජිත අායතනවල ධුර කාල අවසන් වීමේ ප්‍රතිඵලයක් ලෙසය. ඒහෙත් පළාත් සභා මැතිවරණ ඒළමෙන්නට නියමිත වුවද ඔවුන් සිය පාලන කාලයේ මෙන් සිය පටු බල අරමුණු වෙනුවෙන් මැතිවරණ ක්‍රිඩාවක යෙදෙන්නට සැරසෙන බවක් ෙමම ඉල්ලීම්වලින් පෙනී යයි. මේ අාකාරයෙන් ඉල්ලීමෙන් ඔවුන් උත්සාහ දරන්නේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය නොහැකි නිසාත් ඒ් වෙනුවට රාජපක්ෂ පවුලට සම්බන්ධ ප්‍රමුඛයකු ජනාධිපති අපේක්ෂකයකු කිරීම අවාසිදායක නිසාත් පවතින බලතුලනයේ වාසිය අාණ්ඩු බලයක් බවට පෙරළාගන්නටය. ඒසේම ව්‍යවස්ථාමය කොන්දේසි අනුව අාණ්ඩුව පිහිටුවා වසර හතර හමාරකින් පසුව මහමැතිවරණයක් සදහා ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ හැකියාව තිබේ. ඒ් අනුව 2020 ජනවාරි 8වැනිදාට පසුව පැවැත්විය යුතු ජනාධිපතිවරණය වෙනුවට 2019 මහමැතිවරණයක් කැදවා ගැනීම ඔවුන්ගේ අරමුණ වී අැත.
පාලකයන් ජනතාවගේ අවශයතා වෙනුවට සිය බල ක්‍රිඩාව ඉදිරියට ගෙන යමින් තිබෙන බව මෙම දේශපාලන පෙළගැසිම් ඉදිරියට යන අාකාරය අනුව වටහාගන්නට පුලුවන.