Posted on 02.13.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ නියෝජනය කරන විපක්ෂ බලවේග ඉදිරියට පැමිණීමත් අාණ්ඩුව පැහැදිලි පරාජයක් පෙන්නුම් කිරීමත් නිසා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර පැවති සාකච්ඡාවලින් මෙතෙක් කිසිදු එකඟතාවකට හෝ තීරණයකට පැමිණ නැතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
පළාත්පාලන ආයතනවල බලය පිහිටුවීමේදී මහින්ද රාජපක්ෂගේ කන්ඩායම සමග හෝ ෙවනත් කණ්ඩායම් සමග සහයෝගයෙන් කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා විසින් ශ්‍රිල.නි.ප. නායකයන්ට උපදෙස් දෙන ලද බව පසුගිය දා වාර්තා විය. කෙසේවෙතත් ජනාධිපති මාධය අංශය නිවේදනය කරන්නේ මෙතෙක් ආණ්ඩුවේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර පැවති සාකච්ඡාවලින් කිසිදු එකඟතාවකට හෝ තීරණයකට පැමිණ නැති බවයි. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව එකඟතා අැතිකරගත් බවට ඇතැම් මාධ්‍ය තුළ විවිධ තොරතුරු පළ වෙමින් තිබුණද පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම හෝ ආණ්ඩුවේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව එවැනි කිසිදු තීරණයකට හෝ එකඟතාවකට එළඹ නැති බැවින් එම මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරණ බවයි.