Posted on 12.06.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
වෙරළාරක්ෂක යාත්‍රා අවශ්‍යතාව පෙන්වමින් රුපියල් බිලියන20කට අධික වැයක් දරමින් රුසියානු ප්‍රහාරක යාත්‍රාවක් මිලදී ගැනීමේ ගිවිසුමට ආණ්ඩුව ඉතා ආසන්න දිනයක අත්සන් කරන්නට නියමිත බව අනාවරණය වී තිබේ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ රුසියානු සංචාරයෙන් පසුව ඇතිකරගත් රාජ්‍යතාන්ත්‍රික එකගතාවක් අනුව එරටින් 2010 සිට විවෘත කෙරුනු ණය යෝජනා ක්‍රමය අනුව ලබා දෙන බවට ප්‍රකාශ කරමින් මෙරටට අධික වියදමක් ලෙස සැළකිය හැකි මෙම මිලදී ගැනීම ජනාධිපතිවරයා සම්බන්ධවන ගනුදෙනුවක් ලෙස චෝදනාවට ලක්ව ඇත. මෙම යුද නැව මිලදී ගැනීමේදී රජය සමග අත්සන් කිරීමට රුසියානු ජනාධිපතිවරයාගේ නියෝජිතයකු ද වන රුසියානු යුද උපකරණ විනිණුම් සමාගමේ හිමිකරු සිය පුද්ගලික ජෙට් යානයෙන් ලංකාව කරා පැමිනි බව වාර්තා විය.
යුදමය වාසියක් මේ මොහොකේ නොමැති මෙවැනි මිලදී ගැනීමක් නිසා රාජ්‍ය අරමුදල් අනවශ්‍ය ලෙස යෙදවීමෙන් නාස්තිය ඉහළ යන බවද රුසියානු ණය ක්‍රමය වඩා ඵලදායක අරමුණකට යොදවන්නට ජනාධිපතිවරයාට සිය සංචාරයේදී රුසියානු නායකයා සමග එකගතාවක් ඇතිකරගන්නට අවස්ථාව පැහැර හැරුනු බවටද චෝදනාවක් ඇත.