Posted on 06.24.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ජූනි 9 වැනිදා කොළඹ පොලිස් මූලස්ථානය අසළ විරෝධතාවකදී මාර්ග බාධකයකට හානි කිරීම ඇතුළු නීති විරෝධී කටයුතු කළ බවට චෝදනා කරමින් සිරගත කළ විරෝධතාකරුවන් 8 දෙනකු අතුරින් ජෙහාන් අප්පුහාමි, ජගත් මනුවර්ණ, එරංග ගුණසේකර සහ ධම්මික මුණසිංහ යන අයට ඇප ලබා දීමට කොළඹ, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය තීරණය කර ඇත.
මේ අනුව, අත් අඩංගුවට ගත් ළහිරු වීරසේකර, අමල් සාලින්ද, රතිඳු සේනාරත්න හා රත්කරව්වේ ජිනරතන හිමි ඇප ලබා නොමැත.
මෙම විරෝධතාකරුවන්ට අදාළ චෝදනාව ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වූයේ නීති විරෝධී ජනරාශියක සාමාජිකයන් වීමය. මොවුන් රාජ්‍ය දේපළවලට අලාභ කර ඇති බවටද චෝදනා කරමින් පොලිසිය කියා සිටි ආකාරයට ජූනි 9 වැනිදා මාර්ග බාධකයක් පෙරලා දැමීමෙන් සිදුව ඇති හානියේ තක්සේරුව රුපියල් 60,000ක අලාභයක් ලෙස ප්‍රකාශ කෙරිණි.
කෙසේවෙතත්, ජූනි 21 වැනිදා මොවුන් මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමේ අවස්ථාවේ සකස් කළ බී වාර්තාවේදී එම අලාභය රුපියල් 179,000ක් ලෙස වැඩිකර දක්වා ඇප ලබා දිය නොහැකි මට්ටමේ චෝදනා ගොනුකර තිබුණි.