Posted on 07.01.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
රජයේ දේපළ හානි කළ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකොට සිටි ළහිරු වීරසේකර, රතිඳු සේනාරත්න, රත්කරව්වේ ජිනරතන හිමි අද(1) දින ඇප මත නිදහස් කොට ඇත.
කොටුව මහෙස්ත්රාත් තිළිණ ගමගේ විසින් නියෝග තබා දී ඇත්තේ රුපියල් ලක්ෂ 5 බැගින් ශරීර ඇප මත මොවුන් මුදා හරින ලෙසය.
ජූනි 9 සහ 10 දිනවල තලංගම හා කොළඹ කොටුව යන ප්රදේශවල කලහකරී ලෙස හැසිරුණු බවට විරෝධතාකරුවන් පිරිසකට චෝදනා කරමින් පොලිසිය අධිකරණය වෙත ‘බී’ වාර්තා ඉදිරිපත් කර තිබුණි.
ඒ අනුව, ජූනි 22 වැනිදා මරදාන පොලිසිය වෙත පැමිණි ළහිරු වීරසේකර, රතිඳු සේනාරත්න, ධම්මික මුණසිංහ, එරංග ගුණසේකර, ජෙහාන් ශ්රී කාන්ත, ජගත් මනුවර්ණ හා රත්කරව්වේ ජිනරතන හිමි අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කන්නට මහෙස්ත්රාත්වරයා විසින් නියෝගකර තිබුණි. ඔවුන් අතුරින් ධම්මික මුණසිංහ, එරංග ගුණසේකර, ජෙහාන් ශ්රී කාන්ත සහ ජගත් මනුවර්ණ පසුගියදා ඇප ලබා නිදහස් වූහ.