Posted on 08.30.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
අද(30) යෙදී තිබෙන අතුරුදන්වූවන් පිළිබඳ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් උතුර හා නැගෙනහිර අතුරුදන්වූවන්ගේ ඥාතීන් පිරිසක් ත්‍රිකුණාමලයේ විරෝධතාවක් පොලීසිය විසින් වළක්වා ඇත.
යුද සමයේ අතුරුදන්වූවන්ගේ ඥාතින් විසින් ත්‍රිකුණාමලය ගාන්ධි වටරවුමේ ආරම්භකළ සත්‍යග්‍රහයකින් පසුව විරෝධතා පෙළපාළියක් පැවැත්වීමට ගත් වෑයම හමුවේ පොලිසිය ඊට බාධාකර ඇත. පෙළපාලි පැවැත්වීම තහනම් බව පවසමින් නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ වරදට අත්අඩංගුවට ගන්නට තමන්ට හැකි බව දක්වමින් පොලිසිය මෙම පිරිසට තර්ජනයකර ඇත.
අතුරුදන්වූවන් සම්බන්ධ යුක්තිය ඉටුකරන ලෙස 2009 යුද අවසානයත් සමග දිවයිනේ විවිධ ප්‍රදේශවල ජනයා ආණ්ඩුවලට කළ ඉල්ලීම් කිසිවක් ඉටුකර නැත. ඒ වනවිට පැවති රාජපක්ෂ ආණ්ඩුව යුද අපරාධ සම්බන්ධවත් අතුරුදන්වූවන් සම්බන්ධවත් වගකීම බැහැර කරමින් සිටීමේ ප්‍රතිඵලයක් ලෙස ඒක්සත් ජාතීන්ගේ මානවහිමිකම් සුමළුවේ විශේෂ යෝජනාවකට ඒකඟවී යුද සමයේ සිදුව ඇති මනුෂ්‍යත්වයට ඒරෙහි කටයුතු සම්බන්ධ විධිමත් යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමයක් සදහා පසුගිය ආණ්ඩුව පියවර ගන්නා ලදී.
ඒහෙත් දැන් ඒම ක්‍රියාදාමය අඩපන කරමින් වරදකරුවන් කළවුන්ද ජනාධිපති සමාව ලබාදී නිදහස්කර ඇත.
අද දින අතුරුදන්වූවන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටින ඥාතින්ගේ විරෝධාවට පොලිසිය විසින් කළ තර්ජනාත්මක බලපෑමද මානව හිමිකම් උල්ලංඝනය කිරීමකි. නිරෝධායන නීතිය යටතේ, පෙළපාලි පැවැත්වීම තහනම් බව දක්වමින් තමන් දරණ මතය ප්‍රකාශ කිරීමට, විරෝධය පෑමට ජනතාව සතු අයිතියට බාධා පැමිණවීම පොලිසිය විසින් සිදුකර ඇත.