Posted on 06.21.2020 by Chandana Sirimalwatte in උණුසුම් පුවත් with 0 Comments
ලංකාවේ රාජ්‍ය වධකාගාර 219ක් ඇතුළත් සිතියමක් ප්‍රකාශයට පත් කිරීමට, ලංකාවේ ප්රජාතන්ත්රවාදය උදෙසා මාධ්‍යවේදියෝ, සත්‍ය හා යුක්තිය වෙනුවෙන් ජාත්‍යන්තර වැඩසටහන සමත්ව තිබේ.
සන්නද්ධ හමුදා, පොලිසිය සහ අතුරු හමුදා කණ්ඩායම් විසින් භාවිතයට ගන්නා ලද මෙම වධකාගාර සිතියමට තවමත් භාවිතයට ගන්නා ස්ථානද අයත්ය. විශේෂයෙන්ම උතුරේ යුද තත්වය ආරම්භ වූ වකවානුවේ සිට සිංහල, දෙමළ හා මුස්ලිම් ජනයා අත්අඩංගුවට ගෙන වරින්වර හා දීර්ඝකාලීන වශයෙන් වධ බන්ධනයට ලක් කිරීම, සදාකාලික ආබාධිතයන් බවට පත් කිරීම හෝ ඝාතනය කිරීම මෙන්ම කිසිදා මලසිරුරු හමු නොවන ආකාරයට අතුරුදන් කිරීම මෙම ස්ථානවලදී සිදුව ඇති බවට විවිධ අවස්ථාවල චෝදනා නැගුණි. විශේෂයෙන්ම ජිනීවා මානව හිමිකම් සමුලුව වෙත මෙවැනි චෝදනා ඉදිරිපත් කළ විට රජයේ පිළිතුර වූයේ ඒවැනි වධකාගාර කිසිවක් පවතින්නේ නැත යන්නය. කෙසේවෙතත් ජිනීවා මානව හිමිකම් සමුළුවේ යෝජනා සම්මත කිරීමකින් පසුව යුද අපරාධ සම්බන්ධ විමර්ශනය කිරීමේ යාන්ත්‍රණයක් ආරම්භ වුවද වත්මන් ගෝඨාභය රාජපක්ෂ පාලනය එම ක්‍රියාදාමය අහෝසි කිරීමේ සූදානමක සිටී.
මෙරට යුද හමුදාව, නාවික හමුදාව පමණක් නොව ලංකාවේ නීතිය හා සාමය ආරක්ෂා කරන බවට කියනු ලබන පොලිසිය විසින් මෙවැනි වධකාගාර පවත්වාගෙන යනු ලබන බවට ඒ්වායේ වධ විඳි වින්දිතයන් වරින්වර පැමිනිලි කළද දුක්ගැනවිලි ඉදිරිපත් කළද යුක්තිය ඉටුකරන්නට යැයි පවත්වාගෙන යන කිසිදු ආයතනයක අවධානය ඒ් කෙරෙහි යොමුව නැත.
මෙම වධකාගාර සිතියම මත පදනම්ව හෝ ඒවැනි විධිමත් විමර්ශනයක් සිදුවේ යැයි විශ්වාස කිරීමට හැකියාවක් නැත්තේ ඒම වධකාගාර වත්මන් පාලන තන්ත්රයේ මෙන්ම බලය දැරූ සියලු දේශපාලන අධිකාරිත්වයන්ගේ පැවැත්ම තර්ජනයට ලක්කරන බැවිනි.
මෙම වධකාගාර සිතියමට 1971 හා 1987-90 අරගලයන්හිදී පවත්වාගෙන ගිය වධකාගාර වෙනම සලකුනු කරන්නේ නැති බව මෙම සිතියම සකස් කළ සංවිධාන පවසයි. ඒයට හේතුව ලෙස සඳහන් කරන්නේ ඒවැනි වධකාගාර ලෙස සාමාන්‍ය පොලිස් ස්ථාන හා ආරක්ෂක කඳවුරු පවා භාවිතයට ගන්නා ලද බැවින් ඒ්වා වෙනම සිතියමක සලකුණු නොකරන බවය.
වධකාගාර සිතියම සහ අදාළ තොරතුරු මෙම සබැඳියෙන් – වධකාගාර ස්ථාන


