Posted on 01.23.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
කොවිඩ් ආසාදිත රෝගීන් 15 දෙනකු ඊයේ (22) මරණයට පත් වීමත් ආසාදිතයන් සංඛ්‍යාත්මක ලෙස ඉහළ යාමේ තත්වයත් නිසා වසංගතයේ නව ව්‍යාප්තියක් වාර්තා වෙමින් පවතී.
මේ වනවිට මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 15,299 දක්වා ඉහළ ගොස් ඇත. ඊයේ දින කොළඹ ජාතික රෝහලේ කොරෝනා රෝගීන් ප්‍රතිකාර ලබන වාට්ටු ධාරිතාව ඉක්මවා ඇති බවද වාර්තා විය.
මේ අතර කොවිඩ් ආසාදිතව රෝහල් ගත කෙරෙන රෝගීන් සංඛ්‍යාව 10% කින් පමණ වැඩිවී ඇතැයි කොවිඩ් සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි පවසයි. රෝහල්වල රෝගීන් අතුරින් ඔක්සිජන් අවශ්‍ය සංඛ්‍යාවද 8% කින් පමණ වැඩිවී ඇතැයි වෛද්‍ය අන්වර් හම්දානි පෙන්වා දෙයි.
මේ තත්ත්වය යටතේ ජනතාව නව වසංත වයාප්තියක් සම්බන්ධ අවධානය යොමු කරමින් සෞඛ්‍ය පිළිවෙත් දැඩි ලෙස පිළිපැදිය යුතු බව සෞඛ්‍ය අංශ පවසයි.