தமிழ்
English
Contact
Monday 6th May 2019    
කටුනායක, හලාවත, රතුපස්වල වෙච්ච දේ ඉදිරියට වෙන්න බෑ! - බැසිල් රාජපක්ෂ ක්ෂමාලාපයක | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කටුනායක, හලාවත, රතුපස්වල වෙච්ච දේ ඉදිරියට වෙන්න බෑ! – බැසිල් රාජපක්ෂ ක්ෂමාලාපයක



මහින්ද රාජපක්ෂ ජනාධිපති කාලයේ පසුගිය අාණ්ඩුව යටතේ ජාතික අාරක්ෂාව ඉදිරියට දමා මිනිස් ඝාතන සහ පුද්ගල නිදහස පැහැරගැනීම් සිදුකල අාකාරය ඉදිරියට සිදුවිය යුතු නැති බවක් බැසිල් රාජපක්ෂ සිහිපත් කර අැත.

ඊයේ (15) ගාල්ලේදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දකුණු පළාත් නියෝජිත රැස්විමකදී අදහස් දක්වමින් ඔහු ගෝඨාභය රාජපක්ෂට චෝදනා නැගෙන සිදුවීම් හුවා දක්වමින් මෙම ප්‍රකාශය කළද ඒ් පිලිබද කිසිදු කණගාටුව පළ කිරිමක් සිදුකළේද නැත. රාජ්‍ය සේවකයන් ගස් බැඳීම, මැතිවරණ වේදිකා ගිනිතැබීම ඇතුළු අපරාධ රැසක් මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදු වූ බවද පිළිගත් අතර ඒ්වාට ඒවකට බලවත් අැමතිවරයෙක් ලෙස අැති වගකීමෙන් පලා යන ස්වරයෙන් ඔහු ‘මින් ඉදිරියට ඒවැනි දේ කරන්න ඒපා’ යැයි නියෝජතියන් අමතා ප්‍රකාශ කළේය. විශේෂයෙන් විරෝධතාවලදී වෙඩි තැබීමේ සිදුවීම් සම්බන්ධව වගකිවයුතු ඒවකට අාරක්ෂක අැමතිව සිටි සහ ඒවතකට අාරක්ෂක අමාත්‍යංශ ෙල්කම්ව සිටි තම සහෝදරයන්ගේ අඩුපාඩු හුවා දැක්වූවා මිස ඒහිදී අැති වගකීම භාරගැනීමට හෝ අවම වශයෙන් කනගාටුව පළකිරීමට බැසිල් රාජපක්ෂ වචනයක් වියදම් කළේ නැත.

බැසිල් රාජපක්ෂ ඒම අවස්ථාවේ කළ ප්‍රකාශයේ  අදාල කොටසක් පහත උපුටා දක්වමු.

“අපේ අාණ්ඩු කාලෙ යම් කිසි අඩුපාඩු සිදු වුණා. අද ලෝකයේ ජාතික අාරක්ෂාව වගේම මානුෂික, ඒහෙමත් නැත්නම් පුද්ගලයන්ගෙ අාරක්ෂාව පිළිබද අවධානයක් තියෙනවා. අපට බෑ ජාතික අාරක්ෂාව කියලා පුද්ගලයන්ගෙ අාරක්ෂාව නැති කරන්න. තොරතුරු දැන ගැනීමේ අයිතිය, මාධ්‍ය නිදහස සහ පුද්ගල අයිතිවාසිකම් පැහැර ගන්න බෑ. අපේ අාන්ඩු කාලෙ තිබුණ පරිසරය අනුව ඒ්වා සම්බන්ධ අඩුපාඩු වෙන්න අැති, සීමාව ඉක්මවා ගිය අවස්ථා තියෙනවා. මම දන්නවා ගම්පහ දිස්ත්‍රික්කයේ රතුපස්වල වෙච්ච දේ, ඒ් වගේම කටුනායක නිදහස් වෙළද කලාපයෙ වෙච්ච දේ. ඒ් වගේම හලාවත සිදුවීමෙන් ධිවරයෙක් තමයි නැති වුණේ. මේවා ඉදිරියෙදි වෙන්න බෑ. ඒ්වා අපි පැහැදිලිව තීන්දු කරන්න ඔ්න.”