Posted on 01.13.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
මේ වසර අවසන් වීමට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නියෝජනය කරන ජනාධිපතිවරයෙක් පත්කර ගැනීමට කටයුතු කරන බව බැසිල් රාජපක්ෂ පවසයි. ඔහු මේ බව සඳහන් කර සිටියේ පොදු ජන පෙරමුණු මහර තරුණ බල මණ්ඩල පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමිනි.
තමන් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු සලස්වා දිස්ත‍්‍රීක් 19 ක් තම පක්‍ෂය ජය ගන්නා බවද බැසිල් රාජපක්ෂ පැවසීය. එසේම පොදුජන පෙරමුණට වසර 5ක් පමණක් මදි බවත් වෙනත් කෙනෙකුට රට බාර දෙන්නේ වසර 20 ක් පාලනය කර රට හදා අවසන් කර බවත් බැසිල් රාජපක්ෂ පවසා තිබේ.
ඔක්තෝම්බර් 26 ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පොදු ජන පෙරමුණු අතර ඇතිවූ සන්ධානයට බලපෑවේද ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධ ප්‍රශ්නයි. නමුත් එම සන්ධානය පරාජය වීමෙන් පසු තවදුරටත් නිහඬව නොසිට ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධ තම තමන්ගේ බල ව්‍යාපෘති ඉදිරියට ගන්නා ආකාරයට දක්නට ලැබේ.