தமிழ்
English
Contact
Monday 6th May 2019    
පොහොට්ටුවට ආපු අය නැවත යන්නෙ නැහැ - බැසිල් පොහොට්ටුව රැකගැනීමට දඟලයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පොහොට්ටුවට ආපු අය නැවත යන්නෙ නැහැ – බැසිල් පොහොට්ටුව රැකගැනීමට දඟලයි



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පැමිණි මන්ත්‍රීවරුන් කිසිදු හේතුවක් නිසාවත් නැවත ශ්‍රීලනිපයට නොයන බවට මහින්ද රාජපක්ෂට පොරොන්දු වී ඇතැයි බැසිල් රාජපක්ෂ පවසයි.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ඉතිරි පිරිස මෛතී‍්‍රපාල සිරිසේන සමග සිටිනු ඇති බවත්, ඔවුන් විපක්ෂයේ සිට මහින්ද රාජපක්ෂට සහාය දක්වන බවට තමාට දන්වා තිබෙන බවත් හෙතෙම සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ඉල්ලුම්පත් ලබාදුන් පමණින් පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබානොදෙන බවත්,පොදුජන පෙරමුණේ විධායක සභාව සාකච්ඡා කර සාමාජිකත්වය ලබාදීම සිදුකරන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

පොදුජන පෙරමුණ පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්ෂයක් බැවින් පොහොට්ටුවේ සාමාජිකත්වය ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු නැවත පැමිණීම යනු බැසිල් රාජපක්ෂගේ සැලසුම් අවුල් කරන්නකි. ඔහුට අවශ්‍ය ඇති බව පෙනෙන්නේ කෙසේ හෝ පොදුජන පෙරමුණ රැකගැනීමටයි.