தமிழ்
English
Contact
Monday 6th May 2019    
අපේ ආණ්ඩුවක් ආවොත් නීති හදන්නෙ මෙහෙමයි - බැසිල් රාජපක්ෂ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අපේ ආණ්ඩුවක් ආවොත් නීති හදන්නෙ මෙහෙමයි – බැසිල් රාජපක්ෂ



පවතින ආණ්ඩුව විසින් සකස් කරන නීති විපක්ෂය ඉලක්ක කරගෙන සකස් කරන නිසා තමන් බලයට පත්වුවහොත් ඒවා ක‍්‍රියාත්මක නොකරන බව පොදුජන පෙරමුණේ බැසිල් රාජපක්ෂ පවසයි.
මෙම ආණ්ඩුව සම්මත කරණ නීති නීති විරෝධී බවද ඒවා තමන් පිහිටුවන ආණ්ඩුවක් යටතේ ක‍්‍රියාවට නැගීම වැරැද්දක් වන බවද ඔහු පැවසීය.
රාජපක්ෂ ආණ්ඩුව සමයේ නීති ප‍්‍රතිසංස්කරණ යටතේ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය වැනි ජනාධිපතිවරයාට අදික බලයක් යළිත් කේන්ද`ගතකරන නීති ගෙන එන ලදී. ඒවාට එවකට ඇමතිවරුන් ලෙස සිටි වත්මන් ආණ්ඩුවේ සහ විපක්ෂයේ ඇමතිවරු අත එසවූහ. බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා පවසන්නේ එවැනි නීති ගෙන එන බව විය යුතුය. එසේම පොලිස් අත්අඩංගුවට පත්වන පුද්ගලයන් මහෙස්ත‍්‍රාත්වරයකුගේ අවසරය නැතිව පැය 48ක් දක්වා තබා ගැනීමේ නීති සංහෝධන ගෙන ආවේද එපසුගිය ආණ්ඩුව සමයේය. පොලිස් සිරමැදිරිවලදී සැකකරුවන් මියයාමේ අසාමාන්‍ය තත්වයක් ඇතිවී තිබුනේ 88-89 බබීෂණ සමය සිහි ගන්වමිනි. එම නීති අදත් වත්මන් ආණ්ඩුව ක‍්‍රියාත්මක කරයි.