Posted on 09.03.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගෑස් නලයක් පිපිරීමෙන් සිදු වූ අනතුරකින් ශ්‍රී ලාංකික තරුණයෙක් ජීවිතක්ෂයට පත්වී තවත් අයෙකු තුවාල ලබා තිබේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හිදී පසුගිය අගෝස්තු 31 වන දින සිදු වූ පිපිරිමකින් මෙම තරුණයා මියගොස් තිබේ.
ගෑස් ටැංකිකයක් පුපුරායාමෙන් සිදු වු එම අනතුරින් දෙදෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේය.
කෙසේවෙතත් මෙම අනතුර සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැති බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසා ඇත.