Posted on 08.09.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
මැදපෙරදිග රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 447 දෙනෙකු අද (09) අලුයම දිවයිනට පැමිණ තිබේ.
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 420 දෙනෙකු සහ කටාර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් 27 දෙනෙකු ඒ අතර වේ.
ඊට අමතරව තානාපති නිලධාරීන් 16 දෙනෙකු ද මෙරටට පැමිණ තිබේ.
මේ අතර චීනයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 112 දෙනෙකු ද ඊයේ (08) පස්වරුවේ දිවයිනට පැමිණ තිබුණි.
මෙරටට පැමිණීමට නොහැකිව ලෙබනන් ඇතුළු මැදපෙරදිග රටවල සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම ඉදිරි දින කිහිපය තුළ සිදුකරන බව විදේශ කටයුතු පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ සඳහන්කර තිබේ.