Posted on 11.21.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
සහරාන් හෂීම්ට උපදෙස් දුන්නේ කවුරුන්ද යන්න අනාවරණය කරගන්නා තෙක් තම පරික්ෂණ අසම්පූර්ණ බව ජ්‍යෝෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න පවසයි.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාර හිටපු ප්‍රධානි රවි සෙනවිරත්න මේ බව පැවසුවේ ‘පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධ විශේෂ විමර්ශන කොමිසම’ ඉදිරියේ සාක්ෂී ලබා දෙමිනි. ජ්‍යෝෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ ප්‍රහාර සඳහා සහරාන හෂීම් මෙහෙයවූවන් අනාවරණය කරගන්නා තෙක් ජාතික ආරක්ෂාව අනතුරක පවතින බවය.
අප්‍රේල් 21 ප්‍රහාරයේ හෙළිව ඇති තොරතුරු අනුව, ප්‍රහාරක තීරණ ගැනීම සහරාන් හෂීම් කළ බව සත්‍යක් වුවද ඔහුගේ සංවිධානයට මුදල් එවූවන් ඒ ප්‍රහාරයේ ඇත්ත වගකිවයුත්තන් බව පැහැදිලිය. සහරාන්ට අයත් සංවිධානයේ පිරිසක් මෙම ප්‍රහාර තීරණයට එකඟ නොවී වෙන්ව යාමත් ප්‍රහාර සිදුවනවිට සංවිධානයේ ගිනුම් 41 වෙත විශාල මුදලක් බැරවී තිබීමත් කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ජ්‍යෝෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න අවධානයට ලක් කළ අතර ඒ මුදල් ලැබුණු ආකාරය පරික්ෂණවලට දිශාවක් ලබා දෙන බවද පෙන්වා දී ඇත.
දේශපාලන අංශවල අවධානයට ලක්ව ඇති කාරණයක් වන්නේ මිනිස් ජීවිත 269ක් බිලිගත් පාස්කු ප්‍රහාරය හේතුවෙන් ලංකාවේ දේශපාලනය තීරණාත්මකව වෙනස්කම්වලට ලක්වූ බවය. එහිදී බැලු බැල්මට අනාවරණයවන කරුණක් වන්නේ සහරාන්ගේ සංවිධානයට අධික මිල ගෙවීමක් සිදුකරමින් පාස්කු ප්‍රහාරය සිදුකළද එය මෙහෙයවූවන් සිදුකර ඇත්තේ දේශපාලන ප්‍රතිඵලයක් හිමිකර ගැනීමේ අරමුණින් ගෙවීමකි.