Posted on 12.23.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
වතුකම්කරු ජනතාවට රු.1000 මූලික දෛනික වැටුපක් ලා දෙන ලෙස බලකරමින් දින 5ක් තිස්සේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවති සත්‍යග්‍රහය ඊයේ(22) තාවකාලිකව අවසන් කරනු ලැබිණි.
වතු කම්කරු සේවකයන්ගේ ඉල්ලීම් වෙනුවෙන් පෙනී සිටින වෘත්තිය සමිති, ශිෂ්‍ය සංවිධාන, සිවිල් සමාජ කණ්ඩායම් හා වෙනත් ජනතා සංවිධාන සහයෝගිතාව ප්‍රකාශයට පත් කිරීමට ඊයේ පෙරවරු 10.00ට එම සංවිධාන නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් විරෝධතා ව්‍යාපාරයක් සහ රැස්වීමක් පැවැත්වීමෙන් පසුව මෙම සත්‍යග්‍රහය අවසන් කරන ලදී. හෙට දින සිට වතුකම්කරු ජනයා විසින් සිය අයිතින් උදෙසා වන මෙම අරගලය වතු ආශ්‍රිතව ඉදිරියට ගෙන යාමට සූදානම් බව වෘත්තිය සමිති නියෝජිතයෝ එහිදී අදහස් ප්‍රකාශ කළහ.