தமிழ்
English
Contact
Saturday 4th May 2019    
ආණ්ඩුකාර අසාද් සාලි කොළඹ යාචකයන් පලවා හරිනවලු! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ආණ්ඩුකාර අසාද් සාලි කොළඹ යාචකයන් පලවා හරිනවලු!



කොළඹ නගරයේ ජීවත්වන යාචකයන් නගරයෙන් පලවා හැරීමේ ක්‍රියාන්විතයක් සදහා නව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි සූදානම්වන බව ප්‍රකාශ කර ඇත.

කොළඹ නගරය එක් අතකින් ලංකාවේ වාණිජ අගනුවර ලෙස සියවස් ගණනක් පවත්වාගෙන යන අතර විවිධ ආර්ථික දුෂ්කරතා ඇති ජනපදිකයන් ඒ සියලු කාලය තුළ නගරයේ වාසය කළහ. ඔවුන් අතර ආන්තිකකරණයට ලක්ව පැල්පත් නිවාසවල ජීවත්වන හෝ නගරයේ අගුපිල්වල රාත්‍රිය ගතකර දිවා කල යාචකයන් ලෙස ජීවිකාව කරන දහස් ගණනක් සිටිති. එසේම මෙම යාචකයන් වෘත්තියක් ලෙස එය සංවිධානාත්මක ජාලයක් තුළද යාචක කාර්ය සිදුකරන බව ප්‍රකට කාරණයකි. එහෙත් ජනයාගේ ආර්ථික අසමානතාව සම්බන්ධ පිලියම් යොදනු වෙනුවට ආණ්ඩුකාරයා අනුගමනය කරන්නට සූදානම් වන්නේ කලක් මෙරට විවිධ පාලකයන් අනුගමනය කළ දිළින්දන් මර්දනය කිරීමේ ක්‍රමවේදයයි. අප දන්නා අතීතයේ ප්‍රේමදාස ජනාධිපතිවරයාද, මහින්ද රාජපක්ෂ පානයේදී ගෝඨාභය රාජපක්ෂ විසින්ද මෙම යාචකයන් කොළඹින් පිටුදැකීමේ සූත්‍රය අනුගමනය කළ අතර එම කිසිදු උත්සාහයක් සාර්ථක කර නැත. දිළිදුකම, අසරණකම, ආර්ථික අසමානතාව පැටවු ගසන සමාජ ආර්ථික රටාවක මුරදේවතාවුන් වන අසාද් සාලි ඇතුලු වත්මන් පාලනයද යාචකයන් මර්දනයෙන් සිය දේශපාලන නිරුවත හෙළිදරව් කරමින් සිටී.