Posted on 09.17.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
පුද්ගලයන් විසින් එදිනෙදා ගමන් බිමන් යාමේදී මෙන්ම යම් ස්ථානයකට ඇතුළුවීමෙදී කොරෝනා එන්නත් ලබාගෙන ඇති බවට වන කාඩ්පත් පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.
ඇතැම් පුවත්වල සඳහන් ආකාරයට කොරෝනා මර්දන එන්නත් ලබාගත් බව සටහන්කරන කාඩ්පත පරික්ෂා කිරීම සඳහා කිසිදු මාර්ගෝපදේශ්යක් මෙතෙක් නිකුත් කර නැති බව ඔහු නිශ්චිත කළේය.