Posted on 09.17.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව රටබීමහල් සහ බියර් හල්වල අලවි කටයුතු කිරීමට අවසර දීම නිසා අද දිනයේ රටබීම හල් සහ බියර් අලෙවිසල්වල දිගු පෝලිම් දක්නට ලැබිණි.
දීර්ඝ කාලයක් රට වසා දැමීම අතරතුර ගෘහස්ථ ප්රචණ්ඩ ක්‍රියාවලට හා දරුවන් හා මව්පියන් අතර ආතතියද වැඩි වී ඇති බව නිරීක්ෂනය වී ඇත. කෙසේවෙතත් මේ වනවිට මත්පැන් මිලදී ගැනීමට පමණක් අවසර දීමෙන් බරපතළ වියවුල් ඇති වීමේ අවදානමක් උද්ගතවනු ඇතැයි අපේක්ෂා කෙරේ. විශේෂයෙන්ම මත්පැන් මිලදී ගැනීමේ පෝලිම්වල ආණ්ඩුව අපේකෂා කරන සෙඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීමක් නොවීය.
සුරාබදු දෙපාර්තුමේනතුව විසින් මෙම තීරණය ගෙන ඇත්තේ ආණ්ඩුවේ මුදල් අර්බුදය පියවා ගැනීමට බව ඇතැම් නිරීක්ෂකයන් පෙන්වා දෙන අතර දිවයිනපුරා රට බීමහල් ඉදිරිපිට දිගු පෝලිම් හේතුවෙන් සෞඛ්‍ය අවදානමක් උද්ගතවනු ඇත.
මේ අතර මෙවැනි මත්පැන් අලෙවි සල් වැඩි ප්‍රමාණයක් මැති ඇමතිවරුන්ට අයත් ඒවා නිසා මෙසේ විවෘත කිරීමේ අවස්ථාව ලබා දී ඇති බවටද චෝදනා නැගී ඇත.

