Posted on 09.17.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
වසංගතයේ ව්‍යාප්තිය හා විශේෂඥ උපදෙස් සැලකිල්ලට ගනිමින් ඔක්තෝබර් 01 වනදා නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේ දී මෙම තීරණය ගත් බවට ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර ඇත. මින් පෙර සැප්තැම්බර් 21 දින පෙරවරු 4.00ට නිරෝධායන ඇඳිරි නීථිය ඉවත්වන බවට කළ තීරණය ඒ අනුව අවලංගු වේ.