Posted on 09.25.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
පවතින වසංගතයේ ව්‍යාප්ති තත්වය හේතුවෙන් රට එකවර විවෘත කිරීම අනතුරුදායක වියහැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.
ඔහු මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේ සෞඛ්‍ය නීති ලිහිල් කිරීම සම්බන්ධයෙන් මාධයවේදින් කළ විමසීමකදීය.
සෞඛ්‍ය අංශයේ මතය අනුව, එය අනතුරුදායක බව පෙන්වා දෙන තත්වයක් නිසා රට නැවත විවෘත කළ යුත්තේ පියවරෙන් පියවර ක්‍රමානුකූලව බවත් ඒ ආකාරයට රට විවෘත කිරීමෙන් වසංගත ගැටලුව පාලනය කිරීම හා ව්‍යාප්තිය කළමනාකරණය කර ගත හැකි වනු ඇති බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පැවසුවේය.
රට විවෘත කළත් ජනතාව සෞඛ්‍යය නීති දිගටම පිළිපදිමින් ඥානාන්විතව කටයුතු කළ යුතු බව පැවසූ හෙතෙම එසේ කටයුතු නොකළහොත් කොරෝනා රැලි තවත් ඇතිවීම වැළැක්විය නොහැකි බවද කීවේය.