Posted on 07.10.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
කොවිඩ් -19 එන්නත්කරණ සහ ඒ ආශ්රිත කටයුතු සඳහා යැයි සඳහන් කරමින් ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 150ක ණය මුදලක් ලබා ගැනීමට අදාළ ගිවිසුමට මුදල් අමාත්‍යංශය අත්සන් තබා තිබේ.
මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර් ආටිගල සහ ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික අධ්යක්ෂ චෙන් චෙන් ඊයේ (09) දිනයේ එම ගිවිසුමට අත්සන් තබා ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
ආසියානු පැසිෆික් එන්නත් ප්‍රවේශ පහසුකම යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 84ක් සහ නිත්‍ය දේශීය ප්‍රතිපාදනවලින් ඇමරිකානු ඩොලර් මිලියන 66ක් ලෙස එම ණය මුදල සමන්විත වන බව අමාත්‍යාංශය පැවසීය.
එන්නත්කරණය සඳහා වන පිරිවැය පියවා ගැනීම සඳහා මෙන්ම එන්නත් ආශ්රිත අධීක්ෂණ පද්ධති ස්ථාපිත කිරීම, ශීතාගාර සහිත ප්‍රවාහන පහසුකම් සැපයීම සහ සායනික අපද්‍රව්‍ය කළමනාකරණය ශක්තිමත් කිරීම ඇතුළු තවත් අනුබද්ධ ක්‍රියාකාරකම් කිහිපයක් සඳහා එම ණය අරමුදල් යෙදවිමට නියමිත බව මුදල් අමාත්‍යංශය පවසයි.
සමස්ථ ව්‍යාපෘති පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 161.85ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, එයින් ඇමරිකානු ඩොලර් මිලියන 11.85ක මුදලක් රජය විසින් දැරීමට ද එකඟ වී ඇති බව සඳහන් වේ.