Posted on 06.22.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ඉන්ධන මිලදී ගැනීමට රාජ්‍ය බැංකු දෙකකින් ලබාගත් ණය සඳහා පොලී ගෙවීමට ජාත්‍යන්තර පුද්ගලික ණය දෙන ආයතනවලින් අමෙරිකානු ඩොලර් බිලියනයක් ලබා ගැනීමට රජය සූදානම් වෙන බව වාර්තා වේ.
බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා සන්ඩේ ටයිම්ස් පුවත්පතට පවසා ඇත්තේ, මහජන බැංකුවට හා ලංකා බැංකුවට , ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ගෙවිය යුතු අමෙරිකානු ඩොලර් බිලියන 2.081 ක ණය සඳහා පොලී ගෙවීමට අදාළ ණය මුදල් යොදා ගන්නා බවයි.
අමෙරිකානු ඩොලර් බිලියනක ණය මුදල ලබා ගැනීම සඳහා ජපානයේ හා චීනයේ රාජ්‍ය බැංකු සමග බලශක්ති අමාත්‍යාංශය සාකච්ඡා පවත්වා ඇතත්, මෙරට ආර්ථික අර්බුදය හේතුවෙන් එම සාකච්ඡා බිඳ වැටී ඇති බව ද මෙහි සඳහන් වේ.
ණය ලබා දීමට තීරණය කරන ඕනෑම ආයතනයකට ස්වෛරී ඇපකරයක් ලබා දිය යුතු බව ලේකම්වරිය පවසා තිබේ.
කෙසේ වෙතත්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රකාශකයෙකු පුවත්පතට පවසා ඇත්තේ ස්වෛරී ඇපකර තවදුරටත් වලංගු නොවන බැවින් මෙම ණය මුදල ලබා ගැනීම සඳහා, ඛනිජ තෙල් සංස්ථාවට අයත් ඉඩම් උකස් කිරීමට සිදු වනු ඇති බවයි.