Posted on 01.05.2022 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ආහාර හිඟයක් ඇති වුණොත් ලෝකයේ සෑම රටක්ම සිදු කරන්නේ තියෙන තැනකින් ආහාර ද්‍රව්‍ය ලබා ගැනීම බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය.
ලංකාවෙි ආහාර හිඟයක් ඇතිවිය හැකි බවට බොහෝ අය මත පළ කරන බව කී අමාත්‍යවරයා ඩුබායි මෙන්ම සිංගප්පූරුවේ වී වගා නොකරන නමුත් ඒ රටවල ජනතාව බඩගින්නේ ඉන්නේ නැතැයි ද කීය. හැම රටක්ම ආහාර හිඟයක් ඇති වුණොත් තියෙන තැනකින් ආහාර ද්‍රව්‍ය ලබා ගන්නා බවද කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.
කෘෂිකර්ම ඇමතිවරයා සිහියෙන් කරන ප්‍රකාශයක් බව නොපෙනේ. ආහාර ද්‍රවය තියෙන තැනකින් මිලට ගැනීමටත් එයට අවශ්‍ය මුදල් තිබිය යුතුය. එසේම දැනට ආණ්ඩුවම කියන ආකාරයට අපේ රට සිටින්නේ විශාල ඩොලර් අර්බුදයක් මුහුණ දෙමිනුයි. අනිත් අතින් පිට රටින් ආහාර ආනයනය කිරීමේදී ඒවා අධික මිලකින් යුක්ත වීම වැළක්විය නොහැකි වෙනු ඇත. ඒ අනුව ආණ්ඩුවේ ඇමතිවරුන්ට විහිළු සැපයීම හැර රටේ ප්‍රශ්න සම්බන්ධයෙන් විසඳුමක් නොමැති බව අපහදිලිවේ.