Posted on 12.23.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ධූරයෙන් තමා ඉවත් කළ නමුත් ඉදිරි කාලයේ රට තුළ ආහාර හිඟයක් ඇති වෙන්නේ යයි තමන් කළ ප්‍රකාශයේ වෙනසක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ පවසයි.
තමන් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ධූරයෙන් ඉවත් කර වෙනත් අයෙකුට එම වගකීම පැවරීමේ හේතුවක් තවමත් නොදන්නා නමුත් ඊට හේතුවන වංචාවක්, දූෂණයක් හෝ අල්ලසක් වැනි හේතුවක් හෝ නොකී වෙනත් හේතුවක් තිබේ නම් ඒ බව විවෘතව කිව හැකි නිසා එවැනි හේතුවක් නොමැති බව විශ්වාස කරන බව ද මහාචාර්යවරයා කීය.
මහාචාර්ය උදිත කේ. ජයසිංහ මේ බව ප්‍රකාශ කර ඇත්තේ විශේෂ සම්මුඛ සාකච්ඡාවකදීය.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ධුරයට වෙනත් කෙනෙකු පත්කළ බව පමණක් තමන් දන්නා බවද ලේකම් ධුරයෙන් ඉවත් කළ බව ලිඛිතව දැනුම් නොදී නව ලේකම්වරයකු පත් කිරීමේ ලිපිය ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර විසින් තමන්ට යොමුකළ බවද ඔහු පැවසීය. එසේම තමන්ව අමාත්‍යංශ ලේකම් ධූරයෙන් ඉවත් කර ඇති බවට ජනාධිපති ලේකම් කාර්යාලය සහකාර අධ්‍යක්ෂකවරියක් දුරකථනයෙන් දැනුම් දුන් බව කී මහාචාර්ය ජයසිංහ ආහාර හිඟයක් ඇති වන බවට ප්‍රකාශය ආන්දෝලනාත්මක එකක් නොවන බවත් වර්තමානයේ වගාබිම් දෙස බැලීමේදී අනිවාර්යෙන්ම ආහාර හිඟයක් ඇතිවන ඔහු ප්‍රකාශ කළේය.