Posted on 12.22.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ආහාර අර්බුදයක් ඇතිවීමේ අවදානම සම්බන්ධ ප්‍රසිද්ධියේ අදහස් පළ කිරීම හේතුවෙන් කෘසිකර්ම අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ සේවයෙන් ඉවත්කර ඇති බව වාර්තා වේ.
මාධ්‍ය හමුවකදී විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඉදිරියේ ආහාර අර්බුදයක් ඇති වුවහොත් ගැබිනි මව්වරු, ළමුන්, රෝගීන් හා වැඩිහිටියන් වෙත අහාර ලබාදීම ප්‍රමුඛ විය යුතු බවද තරුණයන්ගේ ආහාර ප්‍රමාණය අඩු කළ හැකි බවද ඔහු පවසා ඇත.
වත්මන් ආණ්ඩුවේ වැරදි පිළිවෙත් නිසා කෘෂිකර්මාන්තය අනතුරට ඇද වැටීමෙන් ආහාර හිගයක් ඇතිවීමේ අවදානමක් ඇති බව අනාවැකි පළ වී ඇත. කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරයාගෙන් විමසා ඇත්තේ මේ සම්බන්ධවය.