Posted on 01.10.2022 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ගොවි ජනතාවගේ ප්‍රධාන ඉල්ලීම් 07ක් මූලික කරගෙන ගොවි සංවිධාන ඒකාබද්ධ කරගත් ගොවි ජාතික සමුළුව අද (10) පොළොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේදී පැවැත්වී තිබේ. මෙම සමුළුවේ අරමුණ වන්නේ මේ මොහොතේ ගොවි ජනතාව මුහුණ දෙන ප්‍රශ්න සහ දීර්ඝ කාලීන ප්‍රශ්න ප්‍රධාන ඉල්ලීම් ලෙස මූලික කරගනිමින් අඛන්ඩ ගොවි අරගලයක් සඳහා ගොවින් ඒකරාශී කරන සංවිධානයක් ගොඩ නැගීමයි. මෙම ගොවි සමුළුවේදී ඉදිරිපත් කළ මූලික ඉල්ලීම් 07 වන්නේ,
පොහොර අර්බුදයෙන් ඇති වු වගා හානියට වන්දි ගෙවනු!
පොහොර සහනාධාරය කප්පාදු නොකර නිසි ප්‍රමිතියෙන් යුතු පොහොර ලබා දෙනු!
ගොවි ණය පොලී පහත හෙලනු!
කෘෂි යන්ත්‍රෝපකරණ සදහා බදු සහන ලබා දෙනු!
සමාගම් ග්රහණයෙන් ගොවියා නිදහස් කරනු!
කෘෂිකර්මාන්තයේදී තීන්දු තීරණ ගැනිමට කෘෂි විශේෂඥයන්ගේ හා ගොවීන්ගේ ජාතික සභාවක් පිහිටවනු!
භුගත ජලයට මීටර් සවි කිරිමට ගත් කැබිනට් තීරණය හකුලා ගනු!

