දසක ගණනක් රසික ජනයා අතර නොමද ආදරයට ලක්වූ ප්‍රවීන ගායන ශිල්පිනී ඇන්ජලීන් ගුණතිලක අභාවප්‍රාප්ත වූවාය.
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින විට ඇය සිය ජීවතයෙන් සමුගෙන තිබේ.
ඇන්ජලින් ගුණතිලක ලාංකීය සිනමා සංගීතයේ ජනප්‍රිය තාරකාවක් ලෙස එසැවුණු ජෝති ඇන්ජලින් යුග ගායනා තවමත් වැඩිහිටි මෙන්ම තරුණ පරපුර අතර ජනප්‍රියත්වයක් හිමිකරගෙන ඇත.
ඇය පසුගිය දිනක නිවසේදී හදිසියේ අසනීප වීමෙන් පසුව, කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබුවාය. වෛද්‍යවරුන් ප්‍රකාශ කළේ ඇයට හෘදයාබාධයක් ඇති බවය. පසුගියදා නැවත ඇයගේ අසනීප තත්වය උත්සන්න වී ඇති අතර ඇයගේ ජීවිතය ගලවා ගැනීමට ගත් උත්සාහයන් ව්‍යර්ථ වූ බව වෛද්‍යවරු පවසති.
මිය යන විට 79 වැනි වියේ පසුවූ ඇගේ අවසන් කටයුතු පිළිබද පසුව ප්‍රකාශ කිරීමට නියමිතය.