ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවට නව සාමාජිකයන් පත් කරයි!

ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසින් නව සාමාජිකයන් පත් කර තිබේ.
ඒ අනුව හිටපු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වන එස්. රනුග්ගේ එම කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙසත් ලේකම්වරයා ලෙස හිටපු අමාත්‍යාංශ ලේකම් අනුර ජයවික‍්‍රමත් පත්කර ඇත.
ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරීන් වන සී. පී සිරිවර්ධන, ආචාර්ය දමිතා ද සොයිසා , ලලිත් කන්නංගර, ජානක සුගතදාස, චිත‍්‍රාංගනී වාගීෂ්වර, චන්ද්‍රානි සේනාරත්න, කිංස්ලි ප‍්‍රනාන්දු, ජී. එස් එදිරිසංහ, එම්. සී වික‍්‍රමසේකර, වෛද්‍ය පාලිත අබේකොන්, ඩී අබේසූරිය, ලෙස්ලි දේවේන්ද්‍ර පත්කර තිබේ.

Chandana Sirimalwatte :