தமிழ்
English
Contact
Sunday 5th May 2019    
ඇඹිලිපිටියේදී උඩුමහලකින් තල්ලු කර තරුණයකු මරා දැමූ පොලිස් නිලධාරින් අත්අඩංගුවට ගන්න නියෝග | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඇඹිලිපිටියේදී උඩුමහලකින් තල්ලු කර තරුණයකු මරා දැමූ පොලිස් නිලධාරින් අත්අඩංගුවට ගන්න නියෝග



2016 වසරේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ නිවසක පැවති සාදයකට කඩාවැදී සුමිත් ප්‍රසන්න ජයවර්ධන නම් තරුණයකු ඉහළ මාලයේ සිට තල්ලුකර ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ සියලු පොලිස් නිලධාරීන් අත් අඩංගුවට ගන්නා ලෙස ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

ඊයේ (29) මේ සිදුවීමට සම්බන්ධ නඩුව විභාගයට ගත් අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබා දෙන ලදී. 2016 ජනවාරි 04 වනදා ඇඹිලිපිටිය නිවසක පැවති සාදයකට කඩාවැදුණු පොලිස් නිලධාරීන් පිරිසක් එක් දරු පියකුවන මියගිය තැනැත්තාට  පොලුවලින් පහරදී ගොඩනැඟිල්ලේ ඉහළ මාලයෙන් බිමට තල්ලු කර මරා දැමූ බවට චෝදනා එල්ල වී තිබේ. මෙහිදී ඔහුව බිමට තල්ලු කර ඝාතනය කළ බවට මූලිකවම චෝදනා එල්ල වී ඇත්තේ එවකට ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරීවරයාව සිටි ඩී. ඩබ්. ධර්මරත්නට එරෙහිවය.  එහිදී බරපතළ තුවාල බලා රෝහල්ගත කර සිටි සුමිත් ප්‍රසන්න දින තුනකට පසු මිය යනවිටත් ඔහුගේ බිරිඳ ශෂිකා නිශාමනී ගැබිණියකව සිටියාය.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සහකාර පොලිස් අධිකාරිවරයා මීට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර වැඩ තහනමකට ද ලක් කර තිබුණු නමුත් මේ වනවිට ඔහු ඇප මත නිදහස්ව යළි සේවයෙහි ද පිහිටුවා ඇත.