Posted on 12.26.2018 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
පොලිස් සංඥා නොතකා ධාවනය වු වෑන් රථයකට පොලීසියෙන් තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේ දී වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
ඊයේ(25) දිනයේ කුඩාවැල්ල ප්‍රදේශයේ දී සිදු වු මනුෂ්‍ය ඝාතන සිදුවීම් හේතුවෙන් මෙම ප්‍රදේශය පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබිණි.
ඒ අනුව අද(26) අළුයම 1.30 ට පමණ කුඩාවැල්ල හංදියේ මාර්ග බාධකය අසල මාර්ගයේ ගමන් කරමින් තිබු වෑන් රථයකට නැවැත්වීම සඳහා පොලිස් සංඥා ලබා දී ඇති නමුත් පොලිස් නිලධාරින් අනතුරට ලක්කර පලා යෑමට සුදානම් වන අවස්ථාවේ පොලීසිය වෙඩි ප්‍රහාර එල්ල කර තිබේ. නමුත් වෑන් රථය නොනවත්වා පලා ගොස් තිබේ.
වෑන් රථයේ අයිතිකරුවන් සොයා තංගල්ල පොලීසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.