Posted on 11.21.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
නිශ්ශංක සේනාධිපති සභාපතිත්වය දරන ‘ඇවන්ට් ගාඩ් මැරිටයිම් සර්විස් පෞද්ගලික සමාගමට’ අනුබද්ධිත ‘ඇවන්ට් ඇග්‍රෝ පෞද්ගලික සමාගමට’ රජයේ ඉඩම් අක්කර 5000ක් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යංශය එකඟත්වය පළකර ඇත. මෙම අක්කර 5000 ලබාදී ඇත්තේ බඩ ඉරිඟු වගා කිරීම සඳහායි.
නිශ්ශංක සේනාධිපති විසින් මත්ද්‍රවය ඇබ්බැහි වූවන් සහ සිරකරුවන් යොදාගෙන කෘෂිකර්ම ව්‍යාපෘතියක් දියත් කිරීම පිළිබඳ අගමැතිවරයාට යෝජනා කිරීමෙන් පසු ඒ සඳහා ඉඩම් ලබාදීමට එකඟ වී ඇති බව මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.
නියමු ව්‍යාපෘතියක් ලෙස දැනට අක්කර 5000 කට කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්, මේජර් ජනරාල් (විශ්‍රාමික) සුමේධ පෙරේරා අනුමැතිය ලබාදී ඇතත් එම ව්‍යාපෘතියට නිශ්ශංක සේනාධිපති විසින් අක්කර 40,000ක් ඉල්ලා ඇති බව වාර්තා වේ.
බඩ ඉරිඟු ආනයනය සීමා කිරීම තුළින් වාර්ෂිකව බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක ඌනතාවයක් පවතින බැවින් එම ඌනතාවය සපිරීමේ අරමුණින් මෙම ඉඩම් ලබාදීම සිදුකරන බව කෘෂිකර්ම අමාත්‍යංශය යොමුකළ ලිපියක දැක්වේ.