Posted on 03.29.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යාම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ‘‘ඇවන්ට් ගාඞ්’’ සභාපති නිශ්ශංක සේනාධිපතිට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කර තිබේ. එසේම අධිකරණය විසින් ඔහුට විදේශගතවීම වළකාලමින් පනවා තිබු තහනම තාවකාලිකව ඉවත් කොට ඇති බව ආගමන හා විගමන පාලකවරයාට දැනුම් දී තිබේ.
නිශ්ශංක සේනාධිපතිට වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා විදේශ ගතවීමට අවසර දෙන්නැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් කළ ඉල්ලීමක් පිළිගනිමින් විත්තිකරුට විදේශ ගතවීම වළකාලමින් පනවා තිබු තහනම තාවකාලිකව ඉවත් කළ විනිසුරු මඩුල්ල රුපියල් ලක්ෂ 25ක් වටිනා බැඳුම්කරයක් මත නිශ්ශංක සේනාධිපතිගේ විදේශ ගමන් බලපත්‍රය මුදා හැරීමට නියෝග කර තිබේ.
2014 අපේ‍්‍රල් 07 වැනි දා සිට 2015 ඔක්තොම්බර් මස 06 වැනිදා දක්වා කාලයේ ඉන්දියන් සාගරය, රතු මුහුද හික්කඩුව සහ කොළඹදී නීත්‍යානුකූල බලපත්‍ර නොමැති ස්වයංක්‍රීය ගිනි අවි සහ උණ්ඩ ලඟ තබාගැනීම සඳහා කුමන්ත්‍රණය කිරීම ඒ අනුව ටී-56, 84 එස් සහ එල්.එම්.ජී. වර්ගයේ ගිනි අවි 816ක් සහ උණ්ඩ 2,02,935ක් නීත්‍යානුකූල බලපත්‍ර නොමැතිව ලඟ තබාගැනීම මෙන්ම 2015 සැප්තැම්බර් 23 වැනි දා සිට 2015 ඔක්තොම්බර් මස 06 වැනිදා දක්වා කාල සීමාව තුළදී ඉන්දියන් සාගරය, රතු මුහුද හික්කඩුව සහ කොළඹදී නීත්‍යානුකූල බලපත්‍ර නොමැති ස්වයංක්‍රීය ගිනි අවි සහ උණ්ඩ ප්රවාහණය කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම සහ ඒ සඳහා ආධාර හා අනුබල දුන් බවට විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.