ඊයේ ඇෆ්ගනිස්ථානයේ ජලල්ලාබාද්හි පැවැති විරෝධතා රැලියකට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 68 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව අති බව විදෙස් මාධ්‍ය පවසති. මියගිය පිරිසට අමතරව තවත් 170 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දේ.
පකිස්ථාන දේශසීමාව ආසන්නයේ නන්ගහාර නගරයේ පොලිස් ප්‍රධානියාට එරෙහිව මෙම විරෝධතාව පවත්වා තිබේ.
මෙම ප්‍රහාරය අයි.එස්. හෙවත් ඉස්ලාමී්‍ය රාජ්‍ය ත්‍රස්තවාදීන් එල්ල කරන්නට ඇති බවට ඇෆ්ගන් බලධාරීන් විශ්වාස කරන බවට වාර්තා පළවී තිබේ. මේ දක්වා මෙම ප්‍රහාරයේ වගකීම කිසිවකු විසින් බාරගෙන නැතැයිද වාර්තාවේ.
මෑතක සිට ඇෆ්ගනිස්ථානයේ එල්ල කරන ලබන ප්‍රහාරයන් දැඩි කොට තිබේ. එමප්‍රහාරයන් වලට තලේබාන් සංවිධානය හා අයි.එස් කණ්ඩායම් වගකිව යුතු බව එරට බලධාරීන් පවසයි.