ඉතාලියේ නාපෝලි නගරයේ සේවය කළ උමයංගි වීරසිරි නැමති 32 හැවිරිදි කාන්තාව නවාතැන්ගෙන සිටි නිවසේ මියගොස් සිටියදි ඉකුත් 31දා සොයාගෙන ඇත.
මහවැව කොස්වාඩියේ පදිංචිකාරියක බව කියන මෙම කාන්තාව තම සැමියත් සමග නාපෝලි නගරයේ පොසිලිකෝ ප්‍රදේශයේ නිවසක නැවති සේවය කළ බවත් ඇය නියමිත පරිදි සේවයට නොපැමිණීම නිසා නිවෙස් හිමි ඉතාලි කාන්තාව, නවාතැන්ගෙන සිටි කාමරයට ගිය අවස්ථාවේ ඇය එහි මියගොස් සිටි බව පොලිසියට දැනුම් දී තිබේ.
ඇගේ සැමියා එහි නොසිටීම සම්බන්දයෙන් සොයා බලන විට එදිනම අලුයම ඔවුන් නවාතැන් ගෙන සිටි ස්ථානයෙන් ඔහු පිට වි යන ආකාරය නිවෙස් හිමි කාන්තාව දැක ඇත. මේ දක්වා ඔහු සොයාගත හැකිව නැති නිසා මෙම මරණය සම්බන්ධව ඔහු ගැන සැකයක් ඇතිව තිබේ. මියගිය කාන්තාව වසර අටක් පමණ ඉතාලියේ සේවය කර ඇත. ඇය ලංතාවට පැමිණ 2018 මැයි මාසයේ විවාහ වි අගෝස්තු මාසයේදි සැමියා සමග ඉතාලියට ගිය බව මියගිය කාන්තාවගේ ඥාතින් ප්‍රකාශ කර ඇත.