Posted on 01.27.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
තමන්ගේ මැදිහත්විම යටතේ වතු කම්කරුවන්ට ඉතිහාසයේ වැඩිම වැටුප් වර්ධකය ලබා දුන් බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් මාධ්‍ය හමුවක් පවත්වමින් පවසයි.
ඇමතිවරයා මෙසේ කියා සිටියේ වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් අද (26) කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදිය.
රු.1000ක දෛනික මූලික වැටුපක් ඉල්ලමින් පසුගිය මාස කිහිපයක් වතු කම්කරුවන් ඇතුළු විවිධ සංවිධාන ගෙන ගිය විරෝධතා මැද හාම්පුතුන්ගේ සංගමය හා සාකච්ඡා කළ වෘත්තිය සමිති විසින් එම අරගලය පාවාදුන් බව වතු කම්කරුවෝ පවසති.
මාධ්‍ය හමුවේදි වැඩිදුරටත් අදහස් දැක්වු ආරුමුගන් තොණ්ඩමන් මන්ත්‍රීවරයා කියා සිටියේ වතු කම්කරුවෙකුගේ මුලික වැටුප රුපියල් 700 වන අතර එම වැටුප එක් දිනක සේවයට වාර්තා කලද එම වැටුප ලැබෙන බව කියා සිටියේය. එහෙත් එය ප්‍රමාණවත් නැති බව වතු සේවකයෝ පවසති. රුත 1000 වැටුප ලබා දෙන බව මැතිවරණ සමයේ පොරොන්දු වූයේ දේශපාලකයන්ම නිසා එය ලැබෙන තුරු සටන් කරන බවද ඔවුහු පවසති. එසේම වතු කම්කරුවන්ට ලබාදුන් නව වැටුපට වැඩියෙන් යම් මුදලක් ලබා දිමට කිසියම් පාර්ශවයක් ඉදිරිපත් වන්නේ නම් ඒ සඳහා තම පක්ෂයේ පුර්ණ සහයෝගය ලබාදෙන බවද තොණ්ඩමන් පැවසිය.