Posted on 06.18.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ඉන්දියාවේ වේගයෙන් පැතිර යමින් තිබෙන බී.1.617.2 හෙවත් ‘ඩෙල්ටා කොවිඩ් වයිරස’ ආසාදනය වූ 5 දෙනකු කොළඹ දෙමටගොඩ ප්‍රදේශයෙන් හමුවී ඇත.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින්, මෙම ඩෙල්ටා කොවිඩ් වයිරස ප්‍රභේදය, මෙරට මේ දිනවල ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින, බී117 ඇල්ෆා බ්‍රිතාන්‍ය වයිරස ප්‍රභේදයට සාපේක්ෂව පැතිරීමේ සීඝ්‍රතාව 50%කින් පමණ ඉහළ අගයක් ගන්නා බවත් ඉන් දරුණු රෝග ඇතිවීමේ හැකියාවද වැඩි බවත් පවසයි.
මීට අමතරව බ්‍රිතාන්‍යයේ පැතිර ඇති බී117 ඇල්ෆා වයිරස ප්‍රභේදය ආසාදනයවූ ආසාදිතයන් පිරිසක් තවත් ප්‍රදේශ පහකින් සොයාගත් බවද ඔහු සඳහන් කරයි. මෙහි ඇති අවදානම විස්තර කරමින් කොරෝනා මර්දන එන්නත් මාත්‍රාවකින් මෙම ඉන්දීය ප්‍රභේදය පාලනය කළ නොහැකි බවත් ඔහු පැවසුවේය.