Posted on 07.31.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
එන්නත ගෙන්වා දීමේ වගකීම රජය ඉටුකර ඇති බවත් රෝගය පැතිර යාම වළකින ආකාරයෙන් ක්‍රියා කිරීමත්, එන්නත කඩිනමින් ලබාගැනීමත් ජනතාව සතු යුතුකමක් බවත් ජනාධිපතිවරයා පවසා තිබේ.
එන්නත් බෙදාහැර තිබුණ ද මෙතෙක් එන්නත ලබාගෙන නොමැති අය පිළිබඳව විමර්ශනය කිරීමත්, ඔවුන් එන්නත ලබාගැනීමට පෙළඹවීමේ අවශ්‍යතාවත් ජනාධිපතිතුමා විසින් පෙන්වා දෙනු ලැබ ඇතැයි පැවසේ.
දිවයිනේ සියලු ප්‍රදේශ අළලා, එන්නත නොගත් පිරිස පිළිබඳ සංගණනයක් සිදුකරන ලෙස ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
කොවිඩ් ආසාදිත සහ මියගිය පිරිස් පිළිබඳ කළ අධ්‍යයනයන්ට අනුව ඉන් 95%කට ආසන්න ප්‍රතිශතයක් එන්නත් ලබා නොගත් අය බව අනාවරණය වී තිබීම නිසා මෙම පියවර අනුගමනය කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
මේ පිළිබඳව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් කඩිනම් සංගණනයක් සිදුකර, දින කිහිපයක් ඇතුළත එන්නත ලබානොගත් පිරිස පිළිබඳ වාර්තාවක් ලබාගන්නා ලෙස ද ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දී ඇත.
එන්නත්කරණය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමඟ අද (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කර තිබේ.
ඉදිරියේ දී රජයේ ආයතන සහ පොදු ස්ථාන වෙත පැමිණෙන ජනතාව එන්නත ලබාගත් බවට සහතික කෙරෙන කාඩ්පත ළඟ තබා ගැනීම අනිවාර්යය කිරීම පිළිබඳව සොයා බැලීම කෙරෙහි ද කොවිඩ් කමිටුවේ අවධානය යොමුවී ඇති බව පැවසේ.
අමාත්‍යවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, ගාමිණි ලොකුගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, කෙහෙළිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, රමේෂ් පතිරණ, නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ, සිසිර ජයකොඩි, චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, සෞඛ්‍ය ලේකම් මේජර් ජෙනරල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන අය, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති, ආරක්ෂක සහ සෞඛ්‍ය අංශ ප්‍රධානීහු මේ අවස්ථාවට එක්ව සිට ඇත.