Posted on 07.27.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
කොවිඩ් රෝගීන් අධික ලෙස වාර්තාවීමත් සමග රෝහල් තුළ රෝගීන් සඳහා පැවති ඉඩකඩ ප්‍රමාණවත් නොවන තත්වයක් උදා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සෞඛ්‍ය අමාත්‍යංශ ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කරන්නේ රෝහල් ගණනාවක රෝගීන් හමුවීමේදී සපයන්නට අපේක්ෂා කළ ඉඩකඩ පිරිගොස් වෙනත් සැපයුම් ධාරිතාවද ඉක්මවා යමින් තිබෙන බවයි. එඑහිදී අමතර ප්‍රශ්නයක් ලෙස කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර ලබාදීමට අවශ්‍ය ඔක්සිජන් අවශ්‍යතාවය ද ඉහළ ගොස් ඇති බව ඔහු පෙන්වා දෙයි.
විශේෂ තත්වයක් ලෙස කොළඹ දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවලින් ගත් නියැඳිවලට අනුව ඩෙල්ටා ආසාදිතයන් 20% සිට 30% දක්වා ප්රතිශතයක තිබෙන බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් අනාවරණය කරයි.