Posted on 07.25.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
(TopNews) ඩෙල්ටා නමින් හැඳින්වෙන ඉන්දියානු COVID-19 ප්‍රභේදය ලෝකයේ ව්‍යාප්තවීමක් පෙන්වන බැවින් ඉදිරි මාස කිහිපය තුළ ලංකාවේ එම ප්‍රභේදයේ ව්‍යාප්තියකට සූධානම්විය යුතු බව වෛද්‍ය විශේෂඥයන්ගේ සංගමයේ සභාපති ලක්කුමාර් ප්‍රනාන්දු අනතුරු ඇඟවීමක් කරයි.
‘ඩේලිමිරර්’ පුවත්පතට ප්‍රකාශයක් කරමින් ඔහු පැවසුවේ ලෝකයේ වෙනත් රටවලින් දක්නට ලැබෙන කොරෝනා ව්‍යාප්තියේ තත්වයත් ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වීම සමඟ සසඳන විට ඉහළ සම්ප්‍රේෂණය හේතුවෙන් ඉන්දියානු ප්‍රභේදය ප්රමුඛ වනු ඇති බවට නිගමනය කළ හැකි බවයි.
විශේෂඥ වෛද්‍යවරයා පවසන්නේ ඩෙල්ටා ප්‍රභේදයට ප්‍රතිකාරයක් ලෙස භාවිතය පිළිබඳ ප්‍රමාණවත් දත්ත මගින් සහාය නොදක්වන කෝවිඩ් එන්නත් සඳහා බලධාරීන් අනුමැතිය ලබා දීම දැකීම පුදුම සහගත බවය. අනෙක් රටවල් ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව ජනතාවට ලබාදීමට සුදුසු එන්නත් තෝරාගනිමින් සිටියදී ලංකාවේ සිදුවන දේ සම්බන්ධ සෑහීමකට පත් විය නොහැකි බව ඔහු පෙන්වා දුන්නේය.
වසංගත ව්‍යාප්ති තත්වය නරක අතට හැරෙන බව පෙනෙන්නට තිබෙන අවස්ථාවක පවතින සංචාරක සීමාවන් ලිහිල් කිරීම සම්බන්ධයෙන් යළි සළකා බැලීමේ අවශ්‍යතාවය ඔහු විසින් මතු කළේය.
මේ වන විට රට තුළ එන්නත් කිරීමේ ක්‍රියාවලිය සතුටුදායක මට්ටමක පවතින නමුත් ප්‍රමුඛතා ලබා දීම පිළිබඳ ගැටළු කිහිපයක් දක්නට ඇති බවය.
වයස් මට්ටමට අදාළ කාර්යක්ෂමතාව මත පදනම්ව එන්නත්කරණය වඩාත් සුදුසු බව ද ගෝලීය ප්‍රමිතීන්ට අනුව පළාත් පදනමින් එන්නත් බෙදා හැරීම වෙනුවට වයස් කාණ්ඩවල මරණ අවම කිරීම ප්‍රමුඛතාව විය යුතු බවද වෛද්‍ය ප්‍රනාන්දුගේ අදහසයි. .
එබැවින්, එන්නත ලබා දීම සඳහා සුදුසු ක්‍රමවේදයක් අනුගමනය කිරීම පිළිබඳව අවධානය යොමු කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව කී ඔහු සමාජ දුරස්ථ රීති බලාත්මක කිරීම පිළිබඳව නැවත සොයා බැලීම අත්‍යවශ්‍ය බවත්, ඩෙල්ටා ප්‍රභේදය ඉදිරියේදී ව්‍යාප්ත වීමට මුහුණ දීම සඳහා වර්තමාන නිල මාර්ගෝපදේශවල වෙනස්කම් අවශ්‍ය බවත් පැවසීය.
(මූලාශ්‍රය ඩේලි මිරර්)