Posted on 10.21.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ඉන්දියාවෙන් ආනයනය කර ඇති දියර පොහොර භාවිතයේ ප්රතිඵල දේශීය කෘෂිකර්මාන්තයට හෝ පාරිසරික පද්ධතියට ඇතිකරන බලපෑම් සම්බන්ධව කිසිදු පර්යේෂනයක් කර නැති බව හෙළි වේ.
මෙම දියර පොහොර ඉන්දියාවේදී වගාවට යෙදවීමට නිර්දේශ කර ඇත්තේ යුරියා අධික වශයෙන් යෙදවීමට විකල්පයක් වශයෙන් බැවින් නයිට්රජනීය පොහොරක් ලෙස තනිකර මෙම වර්ගය වගාවට යෙදීම ගැන කිසිදු පර්යේෂනයක් ලංකාවේදී සිදුකර නැත. ඒ තත්වය තුළ මෙම ආනයනික පොහොර භාවිතයට ගෙන්වීම පවා මෙරට වගා භූමි වලට මෙන්ම ස්වභාවික පරිසරයට ඇතිවන බලපෑම සම්බන්ධ කිසිදු වගකීමක් නොමැති තීරණයක් බව පැහැදිලිවේ.
පොහොර නොමැතිව උද්ඝෝෂනය කරන ගොවි ජනතාව නිහඬ කරවීඹට උපක්රමයක් ලෙස මෙම දියර පොහොර ආනයනයට තීන්දු කර ඇත්තේ ඒ සම්බන්ධ කෘෂි පර්යේෂකයන්ගේ හෝ මෙරට රසායන පොහොර සම්බන්ධ විද්වතුන්ගේ කිසිදු අනුදැනුමකින් තොරව බවද අනාවරණය වේ.
කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ විසින් සිය මුග්ධ උපදේශකයන්ගෙන් අසා ගන්නා කරුණු ප්රසිද්ධියේ ප්රකාශ කරමින් ඇමතිකමට නුසුදුසු වගකීම් විරහිත පුද්ගලයක් ලෙස කටයුතු කරමින් සිටින බව නිරීක්ෂකයන් පවසන්නේ මෙම දියර පොහොර භාවිතයට කිසිදු දේශීය අවසරයක් නොමැතිව ඒවා යෙදීමට හැකි බව පවසන බැවිනි.